ඉන්දියාවෙන් ලබාගත් ඩො.මි. 400 ණය පියවා දමයි

ඉන්දියාවෙන් Swap පහසුකම යටතේ ලබා ගත් අමෙරිකානු ඩො.මි. 400ක් වටිනා හුවමාරු ණය සම්පුර්ණයෙන් පියවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටිනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව සිය ට්විටර් ගිණුම හරහා නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ඩො.මි. 400ක් වටිනා හුවමාරු ණය නියමිත පරිදි මුදල් පියවීම සිදුකල බවයි.
එමෙන්ම ඉදිරි සහයෝගිතා සම්බන්ධයෙන් ද අඛණ්ඩව සාකච්ජා කෙරෙන බවටද මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙනවා.
කොරෝනා වසංගතය හේතුවෙන් ආර්ථිකයට සිදු වූ බලපෑම අවම කර ගැනීම සහ විදේශ සංචිත ඉහළ නංවා ගැනීමේ අරමුණ ඇතිව, ශ්‍රී ලංකා මහබැංකුව විසින් ඉන්දියානු මහබැංකුවෙන් ලබාගෙන තිබුණු ඩොලර් මිලියන 400 ක ණය මුදල ආපසු ගෙවන ලෙස ඉන්දියානු මහබැංකුව දැනුම් දී ඇති බව වාර්තා වූ බවට ප්‍රවෘත්ති පළ වීමත් සමඟ මහ බැංකුව විසින් මෙම සනාථ කිරීම සිදුකර තිබෙනවා.
695 Views
Comments