අද කාලගුණය - ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
02

අද කාලගුණය - ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි

අද කාලගුණය - ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි

සබරගමුව, මධ්‍යම, ඌව,උතුරු-මැද සහ වයඹ පළාත්වලත් අම්පාර, මඩකළපුව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

උතුරු පළාතේ උදෑසන කාලයේදීද වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

 

බස්නාහිර, ඌව, මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

 

ගිනිකොණ සහ මධ්‍යම-නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇත. මෙය ඉදිරි දින කිහිපයේ දී සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරයි.

 

බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවල සිය කටයුතු මෙහෙයවන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳ ව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක විශේෂයෙන් රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළංප්‍රධාන වශයෙන් ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍යස්වභාවයේ පවතී.

 

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

views

720 Views

Comments

arrow-up