ශ්‍රී ලංකාවේ මානුෂීය අවශ්‍යතා සඳහා මුදල් රැස් කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙනුවෙන් මානුෂීය අවශ්‍යතා සහ ප්‍රමුඛතා සැලැස්මක් දියත් කළ බව එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඊයේ නම වන දින නිකුත් කළ නිවේදනයේ දැක්වේ එමෙන්ම මෙරට ජනගහනයෙන් 22% ට ආහාර ආධාර අවශ්‍ය වන අතර පවුල් වලින් සියයට සියයට අසූ හයක් ආහාර ගැනීම අඩු කිරීම හෝ ආහාර ගැනීම මග හැරීම සිදු කරන බවත් එහි සඳහන් වේ.
මෙහි අරමුණ වන්නේ ජූනි ජුනි සිට සැප්තැම්බර් අතර කාලයේ ආර්ථික අර්බුදයෙන් දරුණු ලෙස පීඩාවට පත්වන ලක්ෂ 17 ක් වූ ජනතාවට ක්ෂණික ජීවිතාරක්ෂක ආධාර සපයන සඳහා මැණික් ඇමරිකානු ඩොලර් මිලියන හතළිස් හතයි දශම දෙකක් ලෝක ප්‍රජාවකින් ඉල්ලා සිටීමයි.
මෙරට මානුෂීය ආධාර අවශ්‍ය ජනගහනය ලක්ෂ පනස් හතක් බවත් ඉන් මෙම ලක්ෂ දාහතක් දාහතක පිරිස වඩාත් අවදානම් කාණ්ඩයක පසුවන අතර ඔවුන්ට ක්ෂණික ආධාර අවශ්‍ය බවත් ඔවුන් පවසයි.
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක hanna හනා සිංගර් මහත්මියට අනුව දැන් දැන්ම පියවර නොගතහොත් මෙරට බොහෝ පවුල්වලට සිය මූලික ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වන බවත් කලක් ශක්තිමත්ව පැවති ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය දැන් අනතුරේ වැටී ඇති බවත් ජීවනෝපාය රැසක් බිඳ වැටී ඇති බවත් ඇය පෙන්වා දෙයි.
එමෙන්ම මේ එළැඹ ඇත්තේ දැන් ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාවේ ජනතාවට සිය සහයෝගය ලබා දිය යුතු කාලය බවත් මෙම ආධාර සැලැස්මට කඩිනම් සහාය ලබා ලබාදෙන ලෙසත් එක්සත් ජාතීන් මානුෂීය හවුල් කරුවන් ගෙන් පෞද්ගලික අංශවලින් සහ පුද්ගලයන් ගෙන් ඉල්ලා සිටී.
එමෙන්ම ඔවුන්ගේ නවතම සමීක්ෂණයක දත්ත අනුව ඇයි මස අවසන් වන විට අත්‍යවශ්‍ය ඖෂධ දෙසීයක තොග අවසන් වන ඇති අතර ඉදිරි මාස දෙක තුනක් තුළ තවත් ඖෂධ වර්ග 163 ක තොග නිමා වනු ඇති බව ඔවුන් පවසයි එමෙන්ම අත්‍යවශ්‍ය ශල්‍යකර්ම උපාංග 2724 සහ සාමාන්‍ය රසායනාගාර ද්‍රව්‍ය 250ක තොග අවසන් බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ.
622 Views
Comments