කුසල්, ධනුෂ්ක සහ දික්වැල්ල නැවත පැමිණෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
29

කුසල්, ධනුෂ්ක සහ දික්වැල්ල නැවත පැමිණෙයි

කුසල්, ධනුෂ්ක සහ දික්වැල්ල නැවත පැමිණෙයි

එංගලන්තයේ ක්‍රිකට් තරඟ සංචාරය සඳහා ගොස් සිටින අතරතුර රාත්‍රී කාලයේ ඩරම් ප්‍රදේශයේ අයාලේ සැරිසැරූ බවට චෝදනා එල්ල වූ ක්‍රීඩකයින් තිදෙනා අද(29) දහවල් කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ දිවයිනට පැමිණ ඇත.

 

එලෙස යළි දිවයිනට පැමිණුනේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ කණ්ඩායමේ කඩුලු‍ රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල යන තිදෙනායි.

 

අදාළ ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනා ගුවන් තොටුපොළට පැමිණීමෙන් පසු දින 14ක අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කිරීමට මීගමුව ප්‍රදේශයේ හෝටලයක් වෙත යොමුකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

 

ඔවුන්ට එරෙහිව තාවකාලික ක්‍රිකට් තහනමක් පැනවීමටත්, එම ක්‍රීඩකයින් ව වහාම නැවත මෙරටට කැඳවීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව ඊයේ(28) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කල අතරඩ කණ්ඩායමේ කළමනාකරු විසින් ඉදිරිපත් කළ මූලික වාර්තාවක් පදනම් කරගෙන ක්‍රීඩකයින්ව නැවත ගෙන්වීමට තීරණය කළ බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්විය.

views

862 Views

Comments

arrow-up