සයිනොෆාම් මාත්‍රා මිලියන 2ක් ලබන මස මුල මෙරටට

සයිනොෆාම් එන්නත් ලක්ෂ 20ක් ජූලි මස මුල් සතියේ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
එම එන්නත් තොගය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිල දී ගෙන ඇති අතර මේවන විට කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 925,242 දෙනෙකුටත්, දෙවන මාත්‍රාව පුද්ගලයින් 372,290 දෙනෙකුටත් ලබාදී තිබේ.
සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 1,443,470 දෙනෙකුට ලබාදී ඇති අතර එහි දෙවන මාත්‍රාව ලැබූ ගණන 455,592 ක් වේ.
ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 113,454 දෙනෙකුට හා එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් 14,301 දෙනෙකුටත් මේ වනවිට ලබාදී ඇත.
මේ අනුව කිසියම් කොවිඩ් මර්දන එන්නතක් එක් මාත්‍රාවක් හෝ ලබාගත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 2,482,166 ත් වේ.
748 Views
Comments