ප්‍රීමා පාන්පිටි කිලෝව රු. 3.50 කින් ඉහළට

ප්‍රීමා සමාගම විසින් පාන් නිෂ්පාදනය සඳහා භාවිතා කරනු ලබන පිටි කිලෝ එකක මිල රුපියල් 3.50 ඊයේ (15) සිට වැඩි කර ඇති බව ප්‍රීමා සමාගමේ තිරිඟු පිටි ඒජන්තවරුන් දැනුම් දී තිබෙනවා.
ප්‍රීමා සමාගම විසින් මිල්ක් බ්‍රෑන්ඩ් කිලෝ ග්‍රෑම් 50 ක් සහිත පිටි මිටියක් රුපියල් 4000 කට අලෙවි කළ අතර නාව මිළ වැඩි කිරීමත් සමග පිටි කිලෝ ග්‍රෑම් 50 ක් රුපියල් 4175 දක්වා ඉහළ යන බව ප්‍රීමා තිරිඟු පිටි අලෙවි නියෝජිතයන් පවසනවා.
ප්‍රීමා තිරිඟු පිටි සමාගම රොටී සඳහා භාවිතා කරනු ලබන පිටි කිලෝවක් පසුගියදා රුපියල් 4 කින් ද වැඩි කරනු ලැබුවා.
1252 Views
Comments