ප්‍රගතිපුරෙන් හමුවුණේ ඩෙල්ටා නෙමේ - යුද හමුදාපති

මාදිවෙල ප්‍රගතිපුරින් හමුවු කොරෝනා ආසාදිතයා හට ඉන්දියානු ඩෙල්ටා ප්‍රභේදය වැළැදි ඇති බවට මෙතෙක් කිසිදු නිළ තහවුරු කිරීමක් සිදු කොට නොමැති බවත් සෞඛ්‍ය අංශ විසින් ඒ සම්බන්ධයෙන් රසායානාගාර පරීක්ෂණ තවදුරටත් සිදු කරමින් පවතින බවත් කොරෝනා ව්‍යාප්තිය වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ,යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සදහන් කරනවා.
එසේම මාදිවෙල ප්‍රගතිපුර ප්‍රදේශයේ කිසිදු සංචරණ හුදකලා කිරීමක් සිදු කොට නොමැති බවද යුද හමුදාපතිවරයා පවසනවා.
එසේම මෙලෙස කොරෝනා ආසාදිත වූ තැනැත්තාගේ ළඟම ආශ්‍රිතයින් රැසකගේ පීසීආර් පරීක්ෂණ ද මේ වනවිට සිදු කර අවසන්.
ඉන්දීය මාරාන්තික ඩෙල්ටා ප්‍රභේදය මෙතෙක් මෙරටින් හමු වී ඇත්තේ දෙමටගොඩ ප්‍රදේශයෙනි.දෙමටගොඩ ආරාම වත්තෙන් කොරෝනා ආසාදිත මෙලෙස වාර්තා වීම මත එම ග්‍රාම නිළධාරින් වසමම හුදකලා කෙරුණා.
1398 Views
Comments