බාලවයස්කාර දැරිය නිසි වයසට විවාහකර ගන්නා බවට පොරොන්දු දී දූෂණය කල පෙම්වතාට ලැබුණු දඬුවම
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
01

බාලවයස්කාර දැරිය නිසි වයසට විවාහකර ගන්නා බවට පොරොන්දු දී දූෂණය කල පෙම්වතාට ලැබුණු දඬුවම

බාලවයස්කාර දැරිය නිසි වයසට විවාහකර ගන්නා බවට පොරොන්දු දී දූෂණය කල පෙම්වතාට ලැබුණු දඬුවම

කිතුනු දේවස්ථාන මංග්‍ය උත්සවයකදී හදිස්සියේ හැදින ගත් 15 හැවිරිදි බාල වයස්කාර පෙම්වතියගේ නිසි වයස සම්පූර්ණ වූ පසුව ඇය විවාහකර ගෙන විදේශයකට කැඳවාගෙන යන බවට පොරොන්දු වී ඇය දූෂණය කිරීමේ චෝදනාවට වරද පිළිගත් පෙම්වතකුට මීගමුව මහාධිකරණ විනිසුරු ආර්.ඩී.පී.පී. රත්නායක මහතා විසින් බරපතල වැඩ ඇතිව වසර එකහමාරක සිර දඬුවම් නියම කර ඊට අමතරව රු. 10,000ක දඩ සහ අතවරයට පත් වූ පෙම්වතියට රු. 50,000ක වන්දියක් ගෙවීමට අධිකරණය නියෝග කළේය.

 

සිර දඬුවම් වසර 5කට අත්හුටුවීය. 2015 ඔක්තෝම්බර් 27 වැනි දින 15 හැවිරිදි බාල වයස්කාර තම පෙම්වතිය වෙන්නප්පුව ප්‍රදේශයේ ලැගුම් හලක් තුළදී දූෂණය කිරීම සහ බාල වයස්කාරිය ඇගේ භාරකාරිත්වයෙන් පැහැර ගෙන යාම පිළිබඳ විත්තිකරු අධිචෝදනා ලැබ තිබුණි. දැරියගේ මව විදේශගතව රැකියාවක නිරතය.

 

විත්තියේ නීතීඥ ප්‍රසාද් මදුරංග මහතා මඟින් විත්තිකරු වරද පිළිගන්නා ලදි. රජයේ අධි නීතීඥ අනුශිකා ප්‍රනාන්දු මහත්මිය පැමිණිල්ල මෙහෙය වූවාය.

views

702 Views

Comments

arrow-up