හිටපු ජනපති මෛත්‍රීගේ ආරක්ෂකයින් හා ගැටුණු 05ක් අත්අඩංගුවට

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආරක්ෂකයන් සමග ගැටුමක් ඇති කර ගත් පුද්ගලයන් පස් දෙනෙක් අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.
සිද්ධියෙන් තුවාල ලද ඇමති ආරක්ෂක අංශයේ පොලිස් සැරයන් වරයෙක් මේවන විට කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගන්නා බව පැවසේ.
හිටපු ජනාධිපතිවරයා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩ සටහනක් සඳහා තලංගම පැලවත්ත ප්‍රදේශයට පැමිණ සිටියදී මෙම සිද්ධිය වී ඇතැයි පොලිසිය කියයි.
උපන්දින සාදයකට ගොස් මත්පැන් පානය කර නැවත මෝටර් රථයකින් පැමිණෙමින් සිටි තරුණයන් පස් දෙනාගේන් අයෙකුට වමනය දැමීමට අවශ්‍යවී මෝටර් රථය නතර කළ අවස්ථාවේදී එහි සිටි තරුණයකු ඒ අසල නවතා තිබූ ඇමති ආරක්ෂක ජීප් රථයට අතින් තට්ටු කර ඇති අතර ඒ සමඟ ජීප් රථයේ සිටි සැරයන්වරයා සමග බහින් බස් වීමක් ඇති වීමෙන් අනතුරුව මෙම පහරදීම සිදුවී ඇතැයි පොලීසිය කියයි.
සැරයන්වරයාට පහර දුන් පිරිසෙන් දෙදෙනකු එම අවස්ථාවේදී සෙසු ඇමති ආරක්ෂකයන් විසින් අල්ලාගෙන තලංගම පොලිසියට භාරදී තිබූ අතර පලාගිය පිරිස තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් ගත් සැකකාර තරුණයන් බත්තරමුල්ල කොස්වත්ත මරදාන ආදී ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු විසිපහ ආසන්නයේ පසුවන්නන් බව පොලිසිය කියයි.
637 Views
Comments