සහල් වල නවතම මිල ගණන් පිළිබඳ දැනුම්දීමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
28

සහල් වල නවතම මිල ගණන් පිළිබඳ දැනුම්දීමක්

සහල් වල නවතම මිල ගණන් පිළිබඳ දැනුම්දීමක්

සහල් වර්ග තුනක් සඳහා නව සිල්ලර මිල නිවේදනය කිරීමට මහා පරිමාණ සහල් මෝල් හිමියන් ගේ සංගමය පියවර ගෙන ඇත.

 

ඒ අනුව නාඩු සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් 115ක්, සම්බා සහල් කිලෝවක් රුපියල් 140ක් සහ කිරී සම්බා කිලෝවක් රුපියල් 165 කට අලෙවි කිරීමට මිල තීරණය කර තිබේ.

 

අද(28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති, ඩඩ්ලි සිරිසේන මහතා මේ බව පැවසා සිටියේය.

 

මේ අතර සහල් සඳහා පනවා තිබුණු උපරිම සිල්ලර සහ තොග මිල ගණන්වලට අදාළ ගැසට් පත්‍ර අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය ඊයේ (27) තීරණය කළේය.

 

මාධ්‍යය හමුවේදී අදහස් දැක්වූ ඩඩ්ලි සිරිසේන මහතා,

 

“මේ පිළිබඳ දිගින් දිගටම යම් යම් චෝදනා රජයට කළත් රජයට එක ප්‍රශ්නයක් නෙමෙයි ප්‍රශ්න ගණනාවක් එක්ක රජය ඉන්නේ.

යම් යම් අතපසුවීම් සිදුවෙන්න ඇති. ඒ සියල්ල රජය පසුව නිවැරදි කළා. මේ වගේ අනපේක්ෂිත අවස්ථාවකට මුහුණදුන්නට පස්සේ,

රජයට නෙමෙයි කාටවුණත් ඒ වගේ තත්ත්වයක් ඇති වෙනවා.”

 

නාඩු වී කිලෝවක් රු 62.50කට, සම්බා වී රු 70කට හා කිරී සම්බා රු 80කට යන මිල ගණන් යටතේ මිලදී ගැනීමට තීරණය කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

views

725 Views

Comments

arrow-up