මෙරට කොරෝනා ආසාදිත මවක් සිව් නිවුන් දරුවන් බිහිකරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
17

මෙරට කොරෝනා ආසාදිත මවක් සිව් නිවුන් දරුවන් බිහිකරයි

මෙරට කොරෝනා ආසාදිත මවක් සිව් නිවුන් දරුවන් බිහිකරයි

ද සොයිසා කාන්තා රෝහලේ කොරෝනා ආසාදිත ව ප්‍රතිකාර ලබමින් සිටි ගර්භනී මවක් නිවුන් දරුවන් සිව් දෙනකු බිහිකර තිබෙනවා.

 

එම රෝහලේ අධ්‍යක්ෂක අවම සදහන් කළේ 29 හැවිරිදි කොරෝනා ආසාදිත මවක් මෙලෙස සිව් නිවුන් දරුවන් බිහි කළ පළමු අවස්ථාව මෙය වන බවයි.

 

මීට සති දෙකකට පෙර කොළඹ 10 කුප්පියාවත්ත ප්‍රදේශයේ පදිංචි මෙම මව වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබෙනවා.

 

ඇය දරුවන් සිවුදෙනා සිසේරියන් සැත්කමකින් බිහි කළ අතර ඔවුන් පිරිමි දරුවන් දෙදෙනෙකු සහ ගැහැණු දරුවන් දෙදෙනෙකු වනවා.

 

නිවුන් දරුවන් හතර දෙනා ම නිරෝගී සුවයෙන් පසුවන බවයි වාර්තා වන්නේ.

 

 

 

views

586 Views

Comments

arrow-up