වාර්ෂිකව වැඩියෙන්ම අලි මරණ සිදුවන රට ශ්‍රී ලංකාව
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
10

වාර්ෂිකව වැඩියෙන්ම අලි මරණ සිදුවන රට ශ්‍රී ලංකාව

වාර්ෂිකව වැඩියෙන්ම අලි මරණ සිදුවන රට ශ්‍රී ලංකාව

වාර්ෂිකව වැඩියෙන්ම අලි මරණ සිදුවන රට ශ්‍රී ලංකාව අලි මිනිස් ගැටුම නිසා ලෝකයේ වැඩියෙන්ම අලි මරණ සිදුවන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව ඊයේ ( 09) පාර්ලිමේන්තුවේ පැවති රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේදී ( කෝපා )අනාවරණය විය.

 

එසේම අලි මිනිස් ගැටුම නිසා ලෝකයේ වැඩියෙන්ම මිනිස් මරණ සිදුවන රටවල් අතර ශ්‍රී ලංකාව දෙවන තැන ගන්නා බවත් එහි පළමු තැන ඉන්දියාව බවත් මෙහිදී වැඩිදුරටත් හෙළිදරව් විය.

 

ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම සම්බන්ධ විශේෂ විගණන වාර්තාව පදනම් කරගනිමින් පැවැත්වූ රජයේ ගිණුම් කාරක සභාවේදී අලි මිනිස් ගැටුම සම්බන්ධව වසර ගණනාවක පර්යේෂණාත්මක අත්දැකීම් සහිත විද්වතෙකු වන ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු මහතා කමිටුවට අලිමිනිස් ගැටුමේ වර්තමාන තත්ත්වය පැහැදිළි කරමින් මේ බව අනාවරණය කළේය.

 

ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම හේතුවෙන් වසරකට මියයන අලි ඇතුන් ප්‍රමාණය සාමාන්‍යයෙන් 272 ක් වුවද පසුගිය වසර තුළදී අලිඇතුන් 407 දෙනෙකු මිය ගොස් තිබෙන බවද ගිණුම් කාරක සභාවේදී කමිටු සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා අනාවරණය කළේය.

 

එසේම අලි මිනිස් ගැටුම හේතුවෙන් සාමාන්‍යයෙන් වසරකට මිය යන මිනිසුන් ගණන 85 ක් වුවද 2019 වසරේ මිනිසුන් 122 දෙනෙකු මියගොස් ඇති බව මෙහිදී හෙළි විය.

 

එබැවින් මේවන විට ප්‍රබල ගැටලුවක් බවට පත්ව ඇති ‍ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම විසදීම සදහා වනජීවි දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් අදාල ආයතන එක්ව මීටවඩා කාර්යක්ෂම වැඩපිළිවෙලක් සමග කටයුතු කිරීමේ අවශ්‍යතාව කමිටු සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා ඇතුළු කෝප් කමිටු සාමාජිකයෝ මෙහිදී අවධාරණය කළහ

 

 

 

views

595 Views

Comments

arrow-up