යුද්ධයක් දිනනවාද පරදිනවාද තීරණය කරන්නේ දේශපාලඥයන් - රියර් අද්මිරාල් සරත් වීරසේකර
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
03

යුද්ධයක් දිනනවාද පරදිනවාද තීරණය කරන්නේ දේශපාලඥයන් - රියර් අද්මිරාල් සරත් වීරසේකර

යුද්ධයක් දිනනවාද පරදිනවාද තීරණය කරන්නේ දේශපාලඥයන් - රියර් අද්මිරාල් සරත් වීරසේකර

අද පාර්ලිමේන්තුවේදී ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අතර උණුසුම් සංවාදයක් ඇති වුණා.

 

ඒ ආරක්ෂක අමාත්‍යංශය අය වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් සරත් වීරසේකර මහතා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්.

 

යුද්ධය ජයග්‍රහණය කරන්නේ ද නැත්නම් පරාජය වන්නේද යන්න තීරණය කරන්නේ දේශපාලනයෙන් බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

 

ඉතිහාසය සහ ලෝක දේශපාලනය දෙස බැලීමේදී මෙම තත්ත්වය බවද අමාත්‍යවරයා ඊට උදාහරණ දක්වමින් පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නා.

 

එල්ටීටීඊ සංවිධානයට එරෙහි යුද්ධයේ දී එවකට සිටි රජය විදේශ රටවලින් එල්ල වූ බලපෑම් හමුවේ තීරණ වෙනස් කරමින් යුද්ධය නවත්වා දැමීමට කටයුතු කළේ නම් අද වන විට රට අවාසනාවන්ත තත්ත්වයකට ඇද වැටීමට ඉඩ තිබූ බව අමාත්‍යවරයා සදහන් කළා.

 

එසේ වූයේ නම් රණවිරුවන් යුධ වීරයන් බවට පත් නොවන බව ද සරත් වීරසේකර මහතා අවධාරණය කළා.

 

ආරක්ෂක අමාත්‍යවරයා සිදුකළ මෙම ප්‍රකාශයට පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මැදිහත් වෙමින් චෝදනා කර සිටියේ සරත් වීරසේකර මහතා දේශපාලනයෙන් වෙනුවෙන් පෙනී සිටින බවටයි.

 

 

 

 

 

 

 

views

614 Views

Comments

arrow-up