“බුරවි” දිවයිනෙන් ඉවතට - පළාත් කිහිපයකට තවදුරටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි

“බුරවි” සුළි කුණාටුව ගැඹුරු පීඩන අවපාතයක් දක්වා දුර්වල වී තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින අතර එය අද (දෙසැම්බර් 04 ) පෙ.ව 02.30 වන විට මන්නාරමට කි.මී. 143 ක් බටහිරට බරව වයඹ දෙසින් ස්ථානගතව පැවතුනි.
මෙම පද්ධතියේ බලපෑම ක්‍රමයෙන් අඩුවෙමින් පවතී. උතුරු, උතුරු මැද සහ වයඹපළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
උතුරු සහ වයඹපළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්‌ථානවල මි.මී. 100 ට වැඩි තද වැසිද ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැක.
උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල විටින් විට පැ.කි.මි.(40-50) පමණ දක්වා වන සුළං ඇති විය හැක.
පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
මෙම මුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට තද වැසිද ඇතිවිය හැක.
සෙසු මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි ඇති වේ. පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිතදක්වා දිශා වලින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (55-65) පමණ වේ.
විටින් විට පැ.කි.මී. 75 දක්වා වැඩිවිය හැක. ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.
විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩිවිය හැක.
සෙසු මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.
පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැක.
ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවිටින් විට රළු විය හැක.
පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන වෙරළබඩ ප්‍රදේශ වල මුහුදු රළ මීටර් (0.5-1.0) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් විශේෂයෙන් උදය කාලයේදී පවතින අතර මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතී.
571 Views
Comments