මහ බැංකුව 7% දේපොළ ණය ගැන වාණිජ බැංකුවලට උපදෙස් දෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
27

මහ බැංකුව 7% දේපොළ ණය ගැන වාණිජ බැංකුවලට උපදෙස් දෙයි

මහ බැංකුව 7% දේපොළ ණය ගැන වාණිජ බැංකුවලට උපදෙස් දෙයි

දේපොළ ඇපයට තබා ලබාගන්නා නිවාස ණය සඳහා සියයට 7ක උපරිම පොලියක් පමණක් අයකරන ලෙස ශ්‍රී ලංකා මහා බැංකුව සියලුම වාණිජ බැංකුවලට උපදෙස් ලබාදීමට තීරණය කර ඇත. මහ බැංකුවේ මුදල් මණ්ඩලය පෙරේදා (25 වැනිදා) රැස් වූ අවස්ථාවේ දී මෙම තීරණයට එළැඹ තිබේ.

 

ඒ අනුව ණය කාල සීමාවේ පළමු වසර පහ සඳහා අය කළ හැක්කේ වසරකට සියයට 7ක පොලී අනුපාතිකයක් පමණි.

 

ඉතිරි ණය කාල සීමාව සඳහා මාසික සාමාන්‍ය ණය අනුපාතිකයට (AWPR) වඩා සියයට 1ක ආන්තිකයක් සහිත පොලී අනුපාතිකයක් අය කළ යුතුවේ.

 

මේ සඳහා අවශ්‍ය උපදෙස් කඩිනමින් වාණිජ බැංකු වෙත නිකුත් කිරීමට මහ බැංකුව බලාපොරොත්තු වේ.

 

මීට අමතරව දැනට ක්‍රියාත්මක ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් පවත්වාගෙන යෑමටද ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

 

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 4.50 සහ සියයට 5.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කර තිබේ.

 

 

views

647 Views

Comments

arrow-up