ඇමති ජනක බණ්ඩාරට එරෙහි මිනී මැරුම් අධි චෝදනා බලරහිත කරමින් රීට් ආඥාවක්

පුද්ගල ඝාතනයකට අදාලව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහි අධිචෝදනා පත්‍රයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බලරහිත කරමින් රීට් ආඥාවක් නිකුත් කර තිබෙනවා.
නීතිපතිවරයා විසින් මෙම අධිචෝදනා ගොනුකර තිබුණේ 1999 වසරේ මහනුවර මහවෙල ප්‍රදේශයේ සිදුවූ මිනිස් ඝාතන සිදුවීමක් සම්බන්ධයෙනි.
එම වසරේ මහවෙල ප්‍රදේශයේ දී සිදු වූ මනුෂ්‍ය ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් යහපාලන රජය විසින් දේශපාලන පළිගැනීමක් අරමුණු කර 2015 වසරේදී නඩු පවරා තමන්ට විරුද්ධව මහනුවර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළ බව ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් අධිකරණයේ ගොනු කරන ලද රීට් පෙත්සමේ සඳහන් කර තිබිණි.
මෙම තහනම් නියෝගය නිකුත් කරන ලද්දේ අභියාචනාධිකරණයේ ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් විසිනි.
606 Views
Comments