රජය කොරෝනා ගැන තොරතුරු සඟවා නැහැ - හමුදාපති
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
13

රජය කොරෝනා ගැන තොරතුරු සඟවා නැහැ - හමුදාපති

රජය කොරෝනා ගැන තොරතුරු සඟවා නැහැ - හමුදාපති

රට තුල පවතින කොරෝනා තත්ත්වය හමුවේ රජය කිසිවිටෙක තොරතුරු සැගවීමක් සිදු නොකරන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වම්න් සදහන් කළා.

 

සෑම දිනකම උදෑසන ජනාධිපතිවරයා ඇතුළු කොරෝනා මර්ධන කාර්යයසාධක බලකාය රැස්ව සාකච්ඡා කරන බවත් එහිදී සාකච්ඡා කරනු ලබන සෑම කරුණක්ම ජනතාවට ලබා ගැනීමට ඉඩ සලසා ඇති බවයි ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ.

 

“නමුත් මේ වනවිට සෑම ප්‍රදේශයකම මාධ්‍යවේදීන් සිටින නිසා ඔවුන් දැනගත් තොරතුරු කඩිනමින් වාර්තා කිරීමක් සිදුවනවා.

 

කාර්යසාධක බලකායෙන් සිදු කරන්නේ,මාධ්‍ය නිවේදන ලබා දීමට යොදාගෙන ඇති වේලාව වනවිට වාර්තා වන සියලු ආසාදිතයින් එකවර ගණනය කර ඉදිරිපත් කිරීමයි.මාධ්‍යවේදීන්ට තොරතුරු ලැබුන සැනින් වාර්තා කිරීමේ හැකියාව තියෙනවා.

 

නමුත් අපි වාර්තා වන සැනින් එය ප්‍රකාශ කරන්නේ නැහැ. ඔබ දන්නවා සවස 6 උදෑසන 6 වගේ වෙලාවක තමයි අපි නිවේදන නිකුත් කරන්නේ. ඒ වෙද්දී සිටින ආසාදිතයින් ගණන අප සමස්තයක් ලෙස ඉදිරිපත් කරනවා.

 

මේ ඇරෙන්න අපි කිසිම තොරතුරක් සඟවා නැහැ.මේ වගේ රටක එහෙම කරන්නත් බැහැ. මොකද ජනතාව බුද්ධිමත්.ඔවුන්ට කෙසේ හෝ තොරතුරු වාර්තා වනවා. මේ නිසා අපි කිසිම තොරතුරක් සඟවන්නේ නැහැ.” යනුවෙන් හමුදාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියා.

 

 

views

516 Views

Comments

arrow-up