අසත්‍ය තොරතුරු දුන්නොත් වසර 5ක සිර දඬුවම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
06

අසත්‍ය තොරතුරු දුන්නොත් වසර 5ක සිර දඬුවම්

අසත්‍ය තොරතුරු දුන්නොත් වසර 5ක සිර දඬුවම්

රටේ පවතින තත්ත්වය හමුවේ නිරෝධායන නියෝගයන්ට පටහැනිව කටයුතු කරන හෝ සත්‍ය තොරතුරු වසන්කර යම් ලේඛනවල අසත්‍ය තොරතුරු සටහන් කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගැනීමය නියමිතය.

 

නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුවේ නිරෝධායන ආඥා පනත යටතේ කටයුතු කරමින් එවැනි අයට විරුද්ධව වසර 05 දක්වා බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කිරීමට හැකියාවක් ඇති බවයි.

 

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් බොහෝ ස්ථාන වල ජනතාවගේ තොරතුරු සටහන් කිරීමට ඇති ලේඛනවල කිසියම් පුද්ගලයෙක් අසත්‍ය තොරතුරු සටහන් කරන්නේ නම් එය කූඨ ලේඛන සකස් කිරීමේ වරදට ද යටත්වේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 

 

views

669 Views

Comments

arrow-up