ජනපති කාර්යාලයෙන් තරුණයන්ට අලුත් වේදිකාවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
05

ජනපති කාර්යාලයෙන් තරුණයන්ට අලුත් වේදිකාවක්

ජනපති කාර්යාලයෙන් තරුණයන්ට අලුත් වේදිකාවක්

75 වැනි ජාතික නිදහස් සැමරුමට සමගාමීව ගොඩනැගීමට නියමිත ජාතික යොවුන් වේදිකාව සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත. 

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ  උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක ය.

 

2048 වසර වන විට සමෘද්ධිමත් සහ බලගතු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ ක්‍රියාවලියේ කොටස්කරුවෙකු වීමට ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට අවස්ථාව ලබා දීම සහ වසර 25ක සංවර්ධන න්‍යාය පත්‍රයට තරුණ ප්‍රජාව වගකිව යුතු හවුල්කරුවන් ලෙස දායක කර ගැනීම ජාතික යොවුන් වේදිකාව නිර්මාණය කිරීමේ අමුණ බව ජනාධිපති කාර්යාලය පවසයි.

 

රටෙි සමාජ, ආර්ථික සහ දේශපාලන වෙනසක් ඇති කිරීමට නම් තරුණ ප්‍රජාව පෙරට පැමිණ නායකත්වය ගත යුතු බවත්, ජාතික යොවුන් වේදිකාව ඒ සඳහා ඔවුන්ට මහඟු අවස්ථාවක් බවත් ජනාධිපතිවරයාගේ අදහසයි. 

 

යොවුන් වේදිකාවට එක් වීම සඳහා තමා විසින් සකස් කළ අයදුම්පතක් 2023 ජනවාරි 31 හෝ ඊට පෙර [email protected] ඊමේල් ලිපිනය මගින් හෝ “අධ්‍යක්ෂ, තරුණ හා තිරසාර සංවර්ධන, ජනාධිපති කාර්යාලය, කොළඹ 01" ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන්  යොමු කළ යුතු බව ජනාධිපති කාර්යාලය පවසයි.

views

198 Views

Comments

arrow-up