කාන්තාවක් පැදවූ “එල්” බෝඩ් කාර් එක පාසල් සිසුවා බිලිගනී
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
14

කාන්තාවක් පැදවූ “එල්” බෝඩ් කාර් එක පාසල් සිසුවා බිලිගනී

කාන්තාවක් පැදවූ “එල්” බෝඩ් කාර් එක පාසල් සිසුවා බිලිගනී

පෞද්ගලික උපකාරක පන්තියකට ගොස් පාපැදියෙන් එමින් සිටි 14 හැවිරිදි පාසල් සිසුවෙකු, කාන්තාවක විසින් පදවන ලද “එල් බෝඩ්” සහිත මෝටර් රථයකට යටවී එම ස්ථානයේදීම මියගොස් ඇතැයි හිරණ පොලිසිය කියයි.

 

අනතුරින් මියගොස් තිබෙන්නේ පානදුර, පිංවල සුසාන භූමිය පාරේ පදිංචිව සිටි විහඟ සදෙව් ද සිල්වා නමැති 14 හැවිරිදි පාසල් සිසුවෙකි.

 

ඔහු මාලමුල්ල ප්‍රදේශයේ පැවැත්වෙන දමිළ පෞද්ගලික උපකාරක පන්තියකට සහභාගි වී සිය පාපැදියෙන් එමින් සිට මාලමුල්ල, පොකුණ හංදියේ ග්‍රාමීය බැංකුව ඉදිරිපිට මාර්ගය ආසන්නයේ පාපැදිය නවතා සිටියදී අනතුර සිදුව ඇත.

 

පිංවල දෙසින් පැමිණි මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන පාපැදියේ ගැටී පාසල් සිසුවා සමග මීටර් 20 ක් පමණ දුරට ඇදීගොස් ජල සම්පාදන මණ්ඩලයට අයත් කොන්ක්‍රීට් කණුවක ගැටී සිරවී නතර දී ඇතැයි පරීක්ෂණ සිදුකරන නිලධාරියෙක් කීය.

 

රිය පැදවූ පානදුර, වඳුරම්මුල්ල ප්‍රදේශයේ කාන්තාව හිරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඇය පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

views

228 Views

Comments

arrow-up