ගෙවුනු මාස දෙක තුළ ඝාතන 23ක්

පසුගිය මැයි 30 වනදා සිට මේ දක්වා කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු වූ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 23 දෙනෙකු මිය ගොස් ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි.
මත්ද්‍රව්‍ය ජාවාරම් හා බැඳුණු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් මෙම වෙඩි තැබීම් වලට සම්බන්ධ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කරයි.
එමෙන්ම වෙඩි තැබීම්වලට ලක්ව මියගොස් සිටින පුද්ගලයන් ද එවැනි පුද්ගලයන් බවට අනාවරණය වී ඇති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
254 Views
Comments