පාර්ලිමේන්තුවේ එහෙට මෙහෙට පනින්න හදන මන්ත්‍රී ලැයිස්තුව මෙන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
31

පාර්ලිමේන්තුවේ එහෙට මෙහෙට පනින්න හදන මන්ත්‍රී ලැයිස්තුව මෙන්න

පාර්ලිමේන්තුවේ එහෙට මෙහෙට පනින්න හදන මන්ත්‍රී ලැයිස්තුව මෙන්න

නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වීමත් සමඟම දැනට විපක්ෂයේ සිටින විවිධ සුළු පක්ෂ නියෝජනය කරන ඒ.එල්.එම්. අතාවුල්ලා, ජෝන් සෙනෙවිරත්න, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ජීවන් තොණ්ඩමන්, එස්. රාමේෂ්වරන්, අසංක නවරත්න, චාමර සම්පත් දසනායක, ජයරත්න හේරත් යන අය සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වීම සඳහා රජයට සහාය පළ කරනු ඇති බවට වාර්තාවේ.

 

එමෙන්ම සමගි ජන බලවේගයේ කුමාර් වෙල්ගම, කබීර් හෂීම්, මයන්ත දිසානායක, ජේ.සී. අලවතුවල, අජිත් මාන්නප්පෙරුම සහ කිංස් නෙල්සන් යන මන්ත්‍රීවරුන්ද රජයට සහාය වනු ඇතැයි පැවසේ.

 

දැනට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, නාලක ගොඩහේවා, චන්න ජයසුමන, උදයන කිරිඳිගොඩ, වසන්ත යාපා බණ්ඩාර, ඩිලාන් පෙරේරා, තිලක් රාජපක්ෂ, උපුල් ගලප්පත්ති, සරත් කුමාරසිරි සහ ලලිත් එල්ලාවල යන මන්ත්‍රීවරුන් නව සභා වාරය ආරම්භ වීමත් සමඟ විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත බවත් වාර්තාවේ.

views

338 Views

Comments

arrow-up