නීති විරෝධී ලෙස ඉන්ධන ගබඩා කර ගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

නීති විරෝධී ලෙස ඉන්ධන ගබඩා කර ගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු බත්තරමුල්ල ප්‍රදේශයේ දී තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
තලංගම පොලිසියට ලැබුණු තොරතුරක් මත බත්තරමුල්ල ප්‍රදේශයේ නිවසක සිදු කළ වැටලීමකදී අදාළ සැකකරුවන් දෙදෙනා සහ ඩීසල් ලීටර් 84ක් හා පෙට්‍රල් ලීටර් 31ක් පොලිස් භාරයට ගෙන ඇත.
36 හැවිරිදි හා 42 හැවිරිදි වියේ පසුවන සැකකරුවන් දෙදෙනා කන්තලේ සහ ගාල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
ඔවුන් බත්තරමුල්ල ප්‍රදේශයේ තාවකාලිකව නතර වී සිට ඇත.
සැකකරුවන් දෙදෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
236 Views
Comments