JUL
24
ජනපතිට මාස 3ක් ලබා දිය යුතුයි - රතන හිමි

වර්තමාන අර්බුදකාරී තත්ත්ව විසඳා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මාස තුනක කාලයක් ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කර සිටිනවා.
ජනපතිවරයාට රට ගොඩනැගීමට හැකියාවක් ඇතැයි තමා විශ්වාස නොකරන නමුත් ඔහුගේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට මෙම කාලය ලබා දිය යුතු බව යි උන්වහන්සේ තව දුරටත් ප්‍රකාශ කර සිටියේ.
වත්මන් ජනපතිවරයා පිළිබඳව විශාල පිරිසක් තවමත් බලාපොරොත්තුවෙන් පසුවෙන බවත් ඊට අවස්ථාව ලබාදිය යුතු බවත් උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියා.
244 Views
Comments