“ත්‍රිරෝද රථයකට සතියකට ලීටර් 30ක් අවශ්‍යයයි” - වෘත්තීය සමිති සභාපති

පොදු ප්‍රවාහනයේ නියැලෙන ත්‍රීරෝදරථවලට සතියකට පෙට්‍රල් ලීටර 30ක් ලබාදීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර ඉල්ලා සිටියේය.
පොදු ප්‍රවාහන ජීවිකාව ලෙස කටයුතු කරන ත්‍රීරෝද රථ රියදුරන්ට සතියකට පෙට්‍රල් ලීටර 05ක් කිසිසේත් ප්‍රමාණවත් නොවන බව කී සභාපතිවරයා පොදු ප්‍රවාහනයේ යෙදෙන ත්‍රීරෝද හදුනාගැනීම සඳහා පොලිසියේ ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කරන බවද සදඟන් කළේය.
ත්‍රීරෝද රථ රියදුරන් දුෂ්කරතාවට පත්ව සිටින මේ අවස්ථාවේදී ගාස්තු මීටර අනිවාර්ය කරන ලෙස ඉල්ලා සිටීම සාධාරණ නොවන බව කී ඔහු සඳහන් කළේ පළමු කිලෝමීටරයට රුපියල් 100 සහ දෙවැනි කිලෝමීටරයට රුපියල් 90 ලෙස හොඳින් පාරිභෝගිකයාට හොඳින් ප්‍රදර්ශනය වන සේ ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කළ යුතු බවත්ය.
සෙසු පොදු ප්‍රවාහන සේවා නියාමනය කරන ආකාරයටම ජාතික ප්‍රවාහන කොමිසම බලය පවරා ත්‍රීරෝද රථද මේ සුවිශේෂී අවස්ථාවේ සිට නියාමනය ආරම්භ කළ යුතු බවත් එසේ නොවුණ හොත් ත්‍රීරෝද රථ රැකියාවේ නියුතු ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් පාරට වැටෙන බවත් පවසා සිටියේය.
පෞද්ගලිකව පාවිච්චි කරන ත්‍රිරෝද රථවලට සාමාන්‍ය ක්‍රමවේදය ඔස්සේ සතියකට ලීටර 05 ලබාදීම කළ හැකි බවද හෙතෛම වැඩි දුරටත් පැවසීය.
440 Views
Comments