සැඟවූ සීනි රාජසන්තක කරයි - වී තොග සඟවන්නන්ටත් රතු එලි

පසුගියදා වත්තල-මාබෝල ප්‍රදේශයේ නීති විරෝධී අන්දමින් සගවා තිබියදී සොයාගත් සීනි මෙට්‍රික් ටොන් 4,800ක් පාරිභෝගික අධිකාරිය විසින් සිය බාරයට ගෙන තිබේ.
මෙම සීනි තොගය ඉදිරියේදී සතොස සහ සමුපකාර හරහා ජනතාවට ලබා දීමට සැලසුම් කර ඇති බව පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා පැවසූවා.
මීට අමතරව අඩු මිලට වී මිලදී ගෙන නීති විරෝධී අන්දමින් ගබඩා කර තබා ගන්නා පුද්ගලයන්ගේ සියලුම වී තොග රාජසන්තක කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. එලෙස රාජසන්තක කර ගන්නා වී තොග සහල් බවට පත්කර රු.97 බැගින් ජනතාවට ලබා දෙන බව ඔහු සඳහන් කළා.
අමාත්‍යවරයා මේ බව පැවසූයේ කුරුණෑගල කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියක් නිරීක්ෂණයට එක්වූ අවස්ථාවේදීයි.
2015 Views
Comments