මහ බැංකු අධිපතිවරයා ඉදිරියටත් ධූරයේ සිටීමට කැමැත්ත පල කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
17

මහ බැංකු අධිපතිවරයා ඉදිරියටත් ධූරයේ සිටීමට කැමැත්ත පල කරයි

මහ බැංකු අධිපතිවරයා ඉදිරියටත් ධූරයේ සිටීමට කැමැත්ත පල කරයි

  මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉදිරියටත් ධුරයේ සිටීමට  කැමැත්ත පළකර ඇත . ඔහු සඳහන් කළේ රට තුළ පවතින ආර්ථික අර්බුදය මාස 02ක් තුළ විසඳීමට හැකි අර්බුදයක් නොවන බව සියලුදෙනාට තේරුම්ගත හැකි බවය.

 

මහ බැංකු අධිපතිවරයා බී.බී.සී පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ බව පවසා සිටියේය. 

 

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ශ්‍රී ලංකාවට වෙනත් ණය හිමියන් ලබාදෙනවා හා සමානම සහනයක් චීනයෙන් ද ලැබෙනු ඇතැයි තමන්ට විශ්වාස බව මාධ්‍යවේදියා නැගූ ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමින් වැඩිදුරටත් පවසා සිටියේය .

views

265 Views

Comments

arrow-up