මෙරට උද්ධමනය සියයට 74ක්

ශ්‍රී ලංකාවේ සැබෑ උද්ධමනය සියයට 74 දක්වා ඉහළ ගොස් ඇතැයි ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ස්ටීව් හැන්කිගේ වාර්තාවකින් පවසයි.
රුපියල පා කර හැරීම උද්ධමනය ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී ඇතැයි මහාචාර්ය ස්ටීව් හැන්කි පවසයි.
ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කි විසින් මූල්‍ය අර්බුදයන්ට ලක් වූ රටවල්වල ආර්ථික සාධක සලකා බලමින් මෙම වාර්ෂික උද්ධමන දර්ශකය ගණනය කරයි.
මාර්තු මස ප්‍රකාශයට පත් කරන ලද කොළඹ පාරිභෝගික මිල දර්ශකය මගින් මනිනු ලැබූ සියයට 18.7 ක් වූ ශ්‍රී ලංකාවේ නිල උද්ධමන ප්‍රතිශතය මෙන් හැන්කි ගේ උද්ධමනය තුන් ගුණයකටත් වඩා වැඩිය.
626 Views
Comments