පොලිස් වෙස්ගත් නරුමයෝ තිදෙනෙක් සීදුවේ කලපුවක පෙම් සුව විදි පෙම්වතා දණගස්වා පෙම්වතිය දූෂණය කරලා
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
30

පොලිස් වෙස්ගත් නරුමයෝ තිදෙනෙක් සීදුවේ කලපුවක පෙම් සුව විදි පෙම්වතා දණගස්වා පෙම්වතිය දූෂණය කරලා

පොලිස් වෙස්ගත් නරුමයෝ තිදෙනෙක්  සීදුවේ කලපුවක පෙම් සුව විදි  පෙම්වතා දණගස්වා පෙම්වතිය දූෂණය කරලා

මෙම අවාසනාවන්ත පුවත වාර්තා වන්නේ සීදූව ප්‍රදේශයෙන්.

 

ගෙවුණු දිනක සීදූව ප්‍රදේශයේ කලපුවක් අසලට පැමිණියේ පෙම් යුවළක් සුපුරුදු පරිදි නිදහසේ කාලය ගත කරමින් සිට තිබෙනවා.

 

තරුණයා ඩියෝ වර්ගයේ යතුරු පැදියට හේතුවී මෙම දෙදෙනා ආදරයෙන් වෙලී සිට ඇති අතර එම ස්ථානයට කැබ් රථයක් හදිසියේ පැමිණ තිබෙනවා.

 

රාජකාරී නිමවා නිවසට යාමට ප්‍රථමක මෙම නිදහස් කළපුවේ මද වේලාවක් රැඳී සිට යාමට කලක සිට පුරුදු වූ මෙම යුවල කැබ් රථයේ පැමිණීම ගැන කිසිදු තැකීමක් නොමැතිව සිට තිබෙනවා.

 

එම කැබ් රථයෙන් පුද්ගලයින් තිදෙනෙකු බැසවිත් "තොපිලා මොකද මෙතන කරන්නේ උඹලා දන්නේ නැද්ද මේ නිරෝධායන ඇඳිරි නීති ක්‍රියාත්මක වන කාලයක්" කියා මෙම ආදරවන්තයින් බය කොට තිබෙනවා.ඔවුන් තිදෙනා පොලිස් වෙස් ගෙනයි මේ රංගනයේ යෙදිලා තියෙන්නේ.

 

ඒ අවස්ථාවේ අදාළ පෙම්වතා සිය යතුරු පැදිය පණගන්වා යාමට උත්සාහ ගන්නවා සමග "උඹලා කොහෙද යන්නේ ඔහොම දන ගහපං" යනුවෙන් එම පෙම්වතා එම ස්ථානයේ දණ ගස්වා තිබෙනවා.

 

පෙම්වතාට පහර දී එම පෙම්වතිය අසල වන ලැහැබකට රැගෙන ගිය මෙම පාපතරයින් ඇයව සමූහ දූෂණයකට ලක්කොට ඇතැයි වාර්තා වෙන්නේ.ඇය බරපතළ ලිංගික අපයෝජනයට ලක්ව ඇතැයි වාර්තා වන්නේ.

 

මෙම පාපතරයින් තිදෙනා පෙම් යුවළගේ දුරකථන ද මුදල් පසුම්බි ද ලබාගෙන තිබෙනවා.

 

මේ වන විට අදාළ පෙම්වතිය සිටින්නීය මීගමුව රෝහලේ ය.

 

පසුව මේ සම්බන්ධයෙන් අදාළ පෙම්වතා සීදුව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මීට අදාළ විමර්ශන ක්‍රියාත්මක වී තිබෙනවා.

 

සීදුව පොලිසිය තවත් පොලිස් කණ්ඩායම් කිහිපයක් සමඟ මිට අදාළ විමර්ශන මේ වන විටත් ආරම්භ කරලා.

 

මෙම යුවක කටුනායක පදිංචිකරුවන් වෙනවා.

views

16134 Views

Comments

arrow-up