SEP
23
යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටී පුද්ගලයෙක් ජීවිතක්‍ෂයට

කුරුණෑගල - ගෝනගම මාර්ගයේ මින්හෙට්ටිය ප්‍රදේශයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ(22) රාත්‍රීයේ එම අනතුර සිදුවී ඇති බව පොලීසිය කියයි.
ගෝනගම දෙස සිට කුඩාගල්ගමුව දෙසට ධාවනය වූ යතුරුපැදියක් සහ ඊට විරුද්ධ දෙසින් පැමිණි තවත් යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් එම අනතුර සිදුවී තිබේ.
කුඩාගල්ගමුව ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස අනතුරින් මියගොස් ඇත.
අනතුර සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසිය වැඩිදුර පරික්‍ෂණ සිදුකරයි.
834 Views
Comments