මෙහෙම ගියොත් රටම වසා දමන්න වෙයි - GMOA අනතුරු අඟවයි

රටම වසා දැමීමේ පියවර ගැනීමෙන් වැළැකීමට නම් අවදානම් කලාපවල සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කළ යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාර වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළා
රතු හෙවත් අවදානම් කලාප සීමා වසා දමමින් ඒවායේ සංචරණ සීමා 80%ක් වත් ක්‍රියාත්මක කළ හැකි නම් රට වසා දැමීමේ අවදානමෙන් වැළැකිය හැකි බවයි ඔහු සඳහන් කළේ. මේ වනවිට ශීතාගාරවල පී.සී.ආර්. සාම්පල 20,000 පමණක් සිර වී තිබෙන බවත් පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල ලැබීම ප්‍රමාද වුවහොත් ඉන් කිසිදු ප්‍රතිඵලයක් නැති බවත් වෛද්‍ය හරිත අලුත්ගේ වැඩිදුරටත් සඳහන් කළේ.
‘කොවිඩ්-19’ හෙවත් කොරෝනා වෛරසය රට පුරා ව්‍යාප්ත වීම වළක්වා ගැනීමටත් වෛරසයෙන් රට ආරක්ෂා කරගැනීමටත් අහඹු පරීක්ෂණ කළ යුතු බවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කළ බවයි මෙහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.
634 Views
Comments