ස්ථාන කිහිපයක දුම්රිය නොනවත්වා ධාවනය කිරිමට පියවර

පවතින තත්ත්වය හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ස්ථාන කිහිපයක දුම්රිය නොනවත්වා ධාවනය කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස්.පොල්වත්තගේ මහතා සදහන් කලේ ඒ අනුව මරදාන සහ දෙමටගොඩ දුම්රිය ස්ථානවල දුම්රිය නැවැත්වීමක් සිදුනොවන බවයි.
ඊට අමතරව මුහුදු බඩ මාර්ගයේ කටුකුරුන්ද සහ බෙන්තොට අතර දුම්රිය ස්ථානවලද දුම්රිය නොනවත්වා ධාවනය කරනු ඇති.
මේ අතර උසස් පෙළ විභාග සිසුන් වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා තවදුරටත් ක්‍රියාත්මක බවද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළා.
566 Views
Comments