හයිඩ්‍රාමනී කර්මාන්ත ශාලාවේ සේවිකාවගේ ‘පවුලේ පස්දෙනාටම’ කොරෝනා
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
24

හයිඩ්‍රාමනී කර්මාන්ත ශාලාවේ සේවිකාවගේ ‘පවුලේ පස්දෙනාටම’ කොරෝනා

හයිඩ්‍රාමනී කර්මාන්ත ශාලාවේ සේවිකාවගේ ‘පවුලේ පස්දෙනාටම’ කොරෝනා

කහතුඩුව හයිඩ්‍රාමනී කර්මාන්ත ශාලාවේ කොරෝනා ආසාදිත වූ තලගල පදිංචි සෞඛ්‍ය සේවිකාවගේ පවුලේ සාමාජිකයින් 05 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

 

 

මෙම සේවිකාවට කොවිඩ් ආසාදනය වීමෙන් අනතුරුව ඇයගේ පවුලේ සාමාජිකයන් ඇතුළු හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශය පදිංචි පවුල් 70ක් ස්වයං නිරෝධායනයට ලක් කරනු ලැබුවා.

 

 

ඇයගේ පවුලේ පිරිසගේ පිසීආර් පරීක්‍ෂණ සිදුකළ අතර එහි ප්‍රතිඑල ඊයේ (23දා) රාත්‍රී ලැබී තිබෙනවා. එහිදී වයස අවු 15 සහ 12 දරුවන් දෙනෙකු ඇතුළු ඇයගේ පවුලේ 5 දෙනෙකුට කොරෝනා ආසාදිත වී ඇති බව තහවුරු වී තිබෙනවා.

 

 

ආසාදිතයන් ආරක්‍ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරමින් කොව්ඩි රෝහල් වෙත යොමුකිරීමට අවශ්‍ය කටයුතු මේවන විට සුදානම් කරමින් පවතින බව හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෙෘඛ්‍ය පරීක්ෂක මල්ලව බණ්ඩාර මහතා පවසනවා..

 

 

views

795 Views

Comments

arrow-up