කුණු ටින් මාළු අලුත් ලේබලවලින් වෙලදපලට

විදේශීය රටවලින් ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර ටින්මාලු විශාල තොගයක් වෙළඳපොළට නිකුත් වී ඇති බවද වෙළෙඳපොළ ආරංචිමාර්ග වාර්තා කරයි.
මෙම ඇතැම් ටින් මාළු තොග මිනිස් පරිභෝජනයට නුසුදුසු හෙයින් විනාශ කිරීම සඳහා රේගුවෙන් වෙන්දේසි කරන ලද අතර එම වෙන්දේසිවලින් ලබාගෙන නව ඇසුරුම් යොදා වෙළෙඳ පොළට නිකුත් කර ඇති බවද වාර්තා වෙයි.
ඇතැම් මහා පරිමාණ ආනයනකරුවන් මෙම ජාවාරම ජයටම සිදුකරන බවද දැනගන්නට තිබේ.
දැනට වෙළඳපොලේ අලෙවි කරන ටින් මාළු වලට වඩා රුපියල් සීයක් දෙසීයක් අතර මුදලක් අඩුවෙන් ප්‍රමිතියෙන් තොර ටින් මාළු අලෙවි කරමින් ඇති බවද පැවසේ.
230 Views
Comments