බඹර ප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
22

බඹර ප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට

බඹර ප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට

බඹරු දෂ්ඨ කිරීමෙන් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි නෝටන්බ්‍රිජ් පොලිසිය කියයි.

 

මෙලෙස මියගොස් ඇත්තේ නෝටන්බ්‍රිජ්  ටැප්ලෝ ජනපදයේ පදිංචි ඒ. වී. පොඩිමහත්තයා නැමති 67 හැවිරිදි තිදරු පියෙකි.

 

මොහු ඊයේ(21) උදැසන ටැප්ලෝ ප්‍රදේශයේ පිහිටි වෙලඳසැලට ගොස් ආපසු එමින් සිටියදි වෙලඳසැල අසල ගසක තිබු බඹර කුඩුවක බඹර වදයක් කඩා ගැනිමට උකුස්සෙකු පහරදිමත් සමඟ ඇවිස්සුණු බඹරුන් දැඩි ලෙස මොහුට පහරදී තුවාල සිදුකිරිම නිසා ඔහු මරණයට පත්ව තිබේ.

 

බඹර ප්‍රහාරයෙන් දැඩි ලෙස තුවාල ලැබු තිදරු පියා වටවල ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිට ඇතැයි පොලීසිය කියයි.

views

726 Views

Comments

arrow-up