දක්ෂිණ අධිවේගයේ මාරක අනතුරකින් පියා සහ දියණිය අවසන් ගමන් යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
15

දක්ෂිණ අධිවේගයේ මාරක අනතුරකින් පියා සහ දියණිය අවසන් ගමන් යයි

දක්ෂිණ අධිවේගයේ මාරක අනතුරකින් පියා සහ දියණිය අවසන් ගමන් යයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මිල්ලනිය, ගැලනිගම ප්‍රදේශයේ සිදුවූ මෝටර් රථ අනතුරකින් එකම පවුලේ පියා සහ දියණිය ජීවිතක්‍ෂයට පත්ව ඇත.

 

එම අනතුරින් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

 

කතරගම වන්දනාවකට සහභාගීවී දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මාතර සිට කොළඹ බලා ධාවනය වූ මෝටර් රථයක් වේගය පාලනය කරගත නොහැකිව අද(15) අලු‍යම 1.45ට පමණ මිල්ලනිය 18 වන කිලෝමීටර් කණුව අසලදී ආරක්ෂිත වැටෙහි ගැටී මෙම අනතුර සිදුව තිබේ.

 

අනතුරින් බණ්ඩාරගම රේරුකාන ප්‍රදේශයේ සිව් හැවිරිදි දියණියක් සහ ඇගේ පියා වන 39 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් ඇතැයි පොලීසිය පැවසීය.

views

738 Views

Comments

arrow-up