එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් ඉවත් කිරීම ඇරඹේ

පසුගියදා මෙරට මුහුදු සීමාවේදී අනතුරට පත් වී මුහුදුබත් වුණු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති බහාලුම් ඉවත් කර ගැනීමේ කටයුතු ආරම්භ වී තිබෙනවා.
නෞකාව අයත් සමාගම විසින් මෙම කටයුතු විදේශ සමාගම් දෙකක් වෙත පවරා තිබෙනවා.
මෙම නෞකාවෙන් සිදු වූ හානිය වෙනුවෙන් අය විය යුතු වන්දි මුදල පිළිබඳව සමෘද්ධිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර මහත්මිය මෙලෙස අදහස් දැක්වුවා.
"අනතුරට පත්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අබලි නෞකාව, සාගර පත්ලේ විසිරුණු බහාලුම් ඉවත් කර ගැනීමක් මේ වන විට නෞකාවේ අයිතිකාර සමාගම විසින් සමාගම් දෙකකට පවරලා තිබෙනවා. ඒ අනුව මුහුදු පත්ලේ විසුරුණු බහාලුම් ඉවත්කර ගැනීම සඳහා අමෙරිකානු සමාගමකට පවරා තිබෙනවා. මේ වන විට එම අමෙරිකානු සමාගම සම්පුර්ණයෙන් සාගර පත්ලේ පරික්ෂණයක් කරලා අදාළ සිද්ධිය වූ ස්ථානයේ සම්පූර්ණ සමීක්ෂණයකින් පසුව මුහුදු පත්ලේ ඇති කන්ටේනර් නැතිනම් අපද්‍රව්‍ය විශාල හා කුඩා අපද්‍රව්‍ය ලෙස අපද්‍රව්‍ය 400කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන තිබෙනවා. ඒවා මේවන විට ඉවත් කරගැනීම ආරම්භ කරලා තියෙනවා. දැනට සුමාන දෙකකට පෙර තමයි මේ කාර්ය ආරම්භ කරලා තියෙන්නේ. මේ වන විට සමුද්‍රීය පරිසර අධිකාරියේ දෙදෙනෙක් නෞකාව මතට ගිහිල්ලා මෙම කටයුත්ත පුර්ණ කාලිනව අධික්ෂණය කරනවා. මෙම කටයුත්ත සිද්ධ කිරීම සඳහා MMP ක්‍රිස්ටේජ් කියන විශාල නෞකාවක් මේ වන විට අපේ සාගර කලාපයට ඇවිල්ලා මේ කටයුත්තේ නිරතවෙමින් පවතිනවා. ඒ සමගම අබලි නෞකාව ඉවත් කර ගැනීම සඳහා ශැන්හයි සැල්වේජ් සමාගම ඔවුන්ට ඒ කටයුත්ත භාරදීලා තියෙනවා. ඔවුන් බොහෝ දුරට මේ මස 19 වන දින වනවිට අපේ සාගර කලාපයට පැමිණීමට නියමිතයි."
792 Views
Comments