නඩු විභාගයේදී පෙම්වතියගේ හිත වෙනස් වී විත්තිකාර පෙම්වතා දඩයකට යටත් කොට නඩුව අවසන් කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
15

නඩු විභාගයේදී පෙම්වතියගේ හිත වෙනස් වී විත්තිකාර පෙම්වතා දඩයකට යටත් කොට නඩුව අවසන් කරයි

නඩු විභාගයේදී පෙම්වතියගේ හිත වෙනස් වී විත්තිකාර පෙම්වතා දඩයකට යටත් කොට නඩුව අවසන් කරයි

බාලවයස්කාර සිසුවියක් සමඟ පෙම් සබඳතාවයක් පවත්වා ඇගේ දෙමාපියන්ට හොරෙන් ඇයව මහියංගණය ප්‍රදේශයට කැඳවාගෙන ගොස් අතවර කළ බවට අධිචෝදනා ලැබූ විත්තිකාර පෙම්වතාට එරෙහිව පැවැති නඩු විභාගයේදී අතවරයට පත් පැමිණිලිකාර පෙම්වතිය නඩු විභාගය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යෑමට අකමැති වීමත් තමාට විත්තිකරු වෙතින් වන්දි මුදලක් අනවශ්‍ය බවත් අධිකරණය හමුවේ පැවසීම සැලකිල්ලට ගත් මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරු චෝදනාවලට රුපියල් 10,000ක දඩයකට යටත්කර නඩුව අවසන් කිරීමට පසුගිය 13 වනදා නියෝග කළේය.

 

මෙම නඩුවේ විත්තිකරු වූයේ මහියංගණයේ පදිංචිකරුවෙකි.

 

විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ මනේෂ් වෑවිට මහතා ඉදිරිපත් කළ කරුණු සහ අගතියටපත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වත්සලා උළුවඩුගේ මහත්මිය විසින් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය විත්තිකරුට එරෙහිව තිබූ චෝදනාවන්ට රුපියල් 10,000ක දඩ නියමකර නඩුව අවසන් කරන ලදී. 

 

රජයේ අධිනීතිඥ චන්දිමා ප්‍රනාන්දු මහත්මිය පැමිණිල්ල මෙහෙයවනු ලැබීය.

views

13102 Views

Comments

arrow-up