එන්නත මගින් මරණ වලකන බව ඉන්දියාව තහවුරු කරයි - අසත්‍ය මත වලට නොරැවටෙන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
10

එන්නත මගින් මරණ වලකන බව ඉන්දියාව තහවුරු කරයි - අසත්‍ය මත වලට නොරැවටෙන්න

එන්නත මගින් මරණ වලකන බව ඉන්දියාව තහවුරු කරයි - අසත්‍ය මත වලට නොරැවටෙන්න

කොවිඩ් එන්නත් භාවිතය මගින් නිසැකවම මරණයට පත්වීමේ අවස්ථාව අවම කරන බව නවතම ඉන්දීය අධ්‍යනයකින් අනාවරණය වී තිබෙනවා.

 

අප්‍රේල් මාසයේ සිට පසුගිය අගෝස්තු මාසය දක්වා සිදු වූ කොරෝනා ආසාදන සහ  මරණ  පිළිබඳව විශ්ලේෂණය කරමින් ඉන්දීය කොරෝනා මර්දන තාක්ෂණ බලකාය විසින් සිදුකර ඇති මෙම අධ්‍යයනය ප්‍රතිඵල ඊයේ නිකුත් කෙරුනා.

 

ඒ හරහා අනාවරණය වී ඇත්තේ කොවිඩ් මර්දන එන්නතෙහි එක් මාත්‍රාවක් පමණක් ලබා ගත් පුද්ගලයකුගේ මරණය 96.6% කින්ද මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයෙකුගේ මරණය 97.5කින්ද වැළකෙන බවයි.

 

මෙම අධ්‍යයන දත්ත පෙන්වා දෙමින් ඉන්දීය කොරෝනා මර්ධන බලකා ප්‍රධානී විනෝද් කුමාර් පෝල් මහතා පෙන්වා දෙන්නේ වෛරසයට එරෙහි වඩාත් වැදගත් පලිහ එන්නත්කරණය බවයි.

views

650 Views

Comments

arrow-up