ප්‍රබල ඇමැතිවරයකුගේ ආශිර්වාදයෙන් කරගෙන යන කර්මාන්තශාලාවෙන් කඩවත ගමක් විනාශයි (VIDEO)

කඩවත මහර ප්‍රාදේශීය සභාවට අයත් නිවාස සංකීර්ණයක් ආසන්නයේ පිහිටි පර්චස් 11ක බිම් තීරයක ව්‍යාපාරිකයෙකු විසින් ප්ලාස්ටික් මල් පෝච්චි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ආරම්භ කර තිබෙනවා. ජනාකීර්ණ ප්‍රදේශයක නිසි අවසරයකින් තොරව ඉදිකර ඇති මෙම කර්මාන්ත ශාලාවෙන් නිකුත් වන විෂ වායු හේතුවෙන් පීඩාවට පත්වූ ගම්වැසියන් ඉකුත් 1වනදා කර්මාන්ත ශාලාව ඉදිරිපිට විරෝධතාවයක නිරත වූවා.
මහර ප්‍රාදේශීය සභාව සහ පොලිසිය කෙතරම් ඒ පිළිබඳව දැනුවත් කළ ද ව්‍යාපාරිකයා සතු දේශපාලන සම්බන්ධතා යොදා ගනිමින් මෙම කර්මාන්ත ශාලාව දිගටම පවත්වාගෙන යන බවයි වාර්තා වන්නේ.
තමාට මෙම දැඩි අසාධාරණය ට මුහුණ අසාධාරණයට මුහුණපෑමට සිදුවී ඇත්තේ ගම්පහ දිස්ත්රික්කයේ ප්‍රබල දේශපාලනඥයෙකුගේ ආශිර්වාදය අදාල ව්‍යාපාරිකයාට ලැබෙන නිසා බවයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.
මෙම කර්මාන්ත ශාලාව දින 30 ක් ඇතුලත වෙනත් ස්ථානයකට රැගෙන යන ලෙස පසුගිය ජනවාරි මාසයේ නියෝග ලැබී තිබුනත් එම ව්‍යාපාරිකයා විසින් එය නොසලකා කටයුතු කරමින් පවතිනවා.
මේ හේතුවෙන් ගම්වාසීන් එක්ව කර්මාන්ත ශාලාව ඉදිරියේ විරෝධතාවයේ නිරත වූ අතර එම ස්ථානයට පැමිණි කර්මාන්ත ශාලාවේ හිමිකරු චෝදනා කළේ මෙය පෞද්ගලික කාරණාවක් මුල් කරගෙන කරන චෝදනාවක් බවයි.
1205 Views
Comments