විජේදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
20

විජේදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ අත්අඩංගුවට

විජේදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වූ රඛිත රාජපක්ෂ මහතා අද පස්වරුවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

ඒ ඊයේ රාත්‍රියේ රාජගිරිය වැලිකඩ ප්‍රදේශයේ සිදු වූ අනතුරක් සම්බන්දයෙන්.

 

ඊයේ රාත්‍රී 10.45 ට පමණ රඛිත රාජපක්ෂ මහතා පැමිණි ජීප් රථය ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයක් සමග ගැටී තිබෙනවා.

 

මෙම අනතුරෙන් එම මෝටර් රථයේ සිටි සිව් දෙනෙකු තුවාල ලබා තිබෙන අතර ඔවුන් අතර සිටි ගර්භනී කාන්තාවක් ද මෙම අනතුරෙන් තුවායක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වනවා.

 

රඛිත රාජපක්ෂ මහතා අනතුර සිදුවන අවස්ථාවේදී බීමතින් සිටියාදැයි සොයා බැලීම සඳහා ඔහුගේ රුධිර සාම්පලයක් ලබා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා ප්‍රකාශ කර සිටියා.

 

අනතුර සිදුවී රාත්‍රී 11.20 ට පමණ කොළඹ පෞද්ගලික රෝහලකට රඛිත රාජපක්ෂ මහතා ඇතුළත් වී ඇත්තේ හිසට සිදුවූ සුළු තුවාලයක් ද සමඟයි.

 

අද වැලිකඩ පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගන්නා විට ඔහු එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට තිබෙනවා.

views

957 Views

Comments

arrow-up