පරණ අවුරුදු දා මහමග නැති වූ ජීවිත 8

නව අවුරුදු දිනයට පෙර දිනයේ දී එනම් ඊයේ දිනයේ දී පමණක් දිවයින පුරා සිදුවූ මාරක රිය අනතුරු 11කින් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් තිබෙනවා.
මියගිය 8 දෙනාම යතුරුපැදිකරුවන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසන්නේ.
පසුගිය දින කිහිපය පුරාම දිවයින පුරා සිදුවූ අනතුරු වලින් යතුරුපැදිකරුවන්, පාපැදිකරුවන් සහ පදිකයන් මියයාම ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ.
මේ හේතුවෙන් ගමන් බිමන් යාමේදී හා මහ මග ගමන් කිරීමේදී ආරක්ෂාකාරීව හා සැලකිලිමත් ලෙස කටයුතු කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
නව වසර උදාවත් සමග නෑ ගම් යාමයේ දී වඩාත් සැලකිලිමත් වන ලෙසත් මාර්ග නීති නිසි පරිදි පිළිපදින ලෙසත් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
එමෙන්ම උත්සව අවස්ථා වලින් පසුව බීමත්ව රිය පැදවීමෙන් වළකින ලෙසත් ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
738 Views
Comments