දං කොටුවේ මුද්‍රා තැබූ තෙල් බවුසර් වලත් ඇපලටොක්සීන් හමුවේ - මුද්‍රා තමන්ගේ නිල මුද්‍රා නොවන බව රේගුව කියයි

පසුගියදා දන්කොටුව ප්‍රදේශයෙන් හමුවූ එදිරිසිංහ එඩාබල් ඔයිල් පුද්ගලික සමාගමට අයත් මුද්‍රා තබන ලද තෙල් බවුසර් දෙකෙහි තිබූ තෙල්වල ඇපලටොක්සීන් නම් පිළිකා කාරකය අඩංගු බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය අද පස්වරුවේ නිකුත් කළ වාර්තාවේ සඳහන් වනවා.
කෙසේ නමුත් මේ බවුසර් වල ඇත්තේ රේගුව විසින් තබන ලද මුද්‍රාව බව පොලීසිය ප්‍රකාශ කළත් රේගුව විසින් ඒවා ඔවුන්ගේ නිල මුද්‍රාව නොවන බව ප්‍රකාශ කර තිබෙනවා.
මේවා, මීට පෙර මතභේදයට තුඩුදුන් පිළිකාකාරක පොල්තෙල් සමඟ ආනයනය කළ ඒවාදැයි සොයා මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් රේගු අධ්‍යක්ෂ ජනරාල් සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළා.
851 Views
Comments