අන්තවාදය පැතිර වූ ඉස්ලාම් සංවිධාන 11ක් තහනම් කරයි

පසුගිය අප්‍රේල් මස 7 වැනිදා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තහනම් කිරීම සඳහා නීතිපතිවරයාගේ අනුමැතිය ලද අන්තවාදී ඉස්ලාමීය සංවිධාන එකොළහක් එකොළහක් තහනම් කරන අති විශේෂ ගැසට් පත්‍රය ඊයේ දිනයේදි නිකුත් කර ඇත.
ඒ අනුව
- එක්සත් තව්හිද් ජමාත්
- සිලෝන් තව්හිද් ජමාත්
- ශ්‍රී ලංකා තව්හිද් ජමාත්(SLTJ)
- සමස්ත ලංකා තව්හිද් ජමාත්
- ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා
- දාරුල් අදර් (ජමිඋල් අදර් මොස්ක්)
- ශ්‍රී ලංකා ඉස්ලාම් ශිෂ්‍ය සංගමය
- ඉස්ලමික් ස්ටේට් ඔෆ් ඉරාක් ඇන්ඩ් සිරියා
- අල්කයිඩා
- සේව් ද පර්ල් හා සුපර් මුස්ලිම්
යන සංවිධාන මෙම ගැසට් නිවේදනය හරහා තහනම් වනු ඇත.
මෙම තහනමෙන් පසු මෙම සංවිධානවලට විසදු රැස්වීමක් කැඳවීම පැවැත්වීම හෝ රැස්වීමකට සහභාගි වීම, කිසියම් අයුරකින් සංවිධානය ප්‍රවර්ධනය කිරීම, ගනුදෙනු කිරීම , ආධාර කිරීම හෝ තොරතුරු පතුරවා හැරීමට කිසිදු අවසරයක් හිමි වන්නේ නැහැ.
එමෙන්ම මෙම සංවිධානවල සාමාජිකත්වය හෝ නායකත්වය දැරීම තහනම් වන අතර නිල ලාංඡන හෝ සංකේත ප්‍රදර්ශනය කිරීමද තහනම්.
මේවා කඩකරන පුද්ගලයන්ට වසර විස්සකට නොවැඩි සිර දඬුවම් නියම කිරීමට අධිකරණයට බලතල ඇත
749 Views
Comments