යාපනය නගර සභාවේ වැඩවලට ඇඟිලි ගහපු අයට පියවර... අලුත් බලකාය නවත්තන්නෙත් නැහැ - නගරාධිපති කියයි.

යාපනය මහ නගර සභාව තුළ කොටි පොලීසියේ නිළ ඇඳුමට සමාන නිල ඇඳුමකින් සැරසි විශේෂ බලකායක් ස්ථාපිත කිරීම හේතුවෙන් එහි නගරාධිපති වරයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔහුට අධිකරණය ඇප හිමි වීමෙන් පසුව ප්‍රකාශ කර සිටියේ මහ නගර සභාවේ ස්වාධීන කටයුතුවලට බලපෑම් කළ පුද්ගලයන්ට එරෙහිව උපරිමයෙන් කටයුතු කරන බවයි.
නගරාධිපතිවරයා තවදුරටත් සඳහන් කර සිටියේ මෙම විශේෂ ඒකකය නගරයේ අලංකාරය පවත්වාගෙන යාම සඳහා ස්ථාපනය කළ ඒකකයක් බවය. කොළඹ නගර සභාවෙහිද ද මීට සමාන නිළ ඇඳුමක් භාවිතා කරන හෙයින් එම නගර සභාව ද එල්ටීටීඊ ය ප්‍රවර්ධනය කරන්නේ දැයි ඒ මහතා ප්‍රශ්න කර සිටිනවා.
මෙම නිල ඇඳුම ගැන පොලිසිය කිසිදු තීරණයක් දැනුම් දුන්නේ නැහැ. එල් ටී ටී ඊ ය ප්‍රවර්ධනය කළ බවට නැගෙන චෝදනා මම ප්‍රතික්ෂේප කරනවා. නගරය අලංකාරය කිරීම සඳහා එවන් කණ්ඩායමක් හඳුන්වා දුන්නේ පිරිසිදු චේතනාවෙන්. මෙහිදී මාව අත්අඩංගුවට ගත්තේ දේශපාලන කුමන්ත්‍රණයක් මත බවද යාපනයේ නගරාධිපති විශ්වනාදන් මනිවනන් මහතා පැවසීය.
කොහොම නමුත් පරිසරය ආරක්ෂා කිරීමට ගියයි කියා ඉදිකළ මෙම විශේෂ ඒකකය රථවාහන හැසිරවීමේ කටයුතුද කරන අයුරු දැක්වෙන වීඩියෝ පට පසුගියදා සමාජ මාධ්‍ය තුල සංසරණය විය.
source : lankacnews
879 Views
Comments