පාස්කු ප්‍රහාරය පිළිබඳ සාක්ෂි සටහන් කරගැනීම අවසන් කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
20

පාස්කු ප්‍රහාරය පිළිබඳ සාක්ෂි සටහන් කරගැනීම අවසන් කෙරේ

පාස්කු  ප්‍රහාරය පිළිබඳ සාක්ෂි සටහන් කරගැනීම අවසන් කෙරේ

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කරගැනීම ඊයේ (19) දිනයේ අවසන් කර තිබේන බව වර්තා වනවා.

 

අදාළ ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාව කටයුතු කළ ශානී අබේසේකර මහතා ඊයේ දිනයේ සාක්ෂි ලබාදීම සඳහා පැමිණීමට නියමිතව තිබුණ ද ඔහු එම අවස්ථාවට සහභාගී නොවීය.

 

ඉදිරි දින කිහිපයේ දී හිටපු අධ්‍යක්ෂවරයා සාක්ෂි ලබාදෙනු ඇති බව වාර්තා වනවා

 

මේ අතර ඊයේ දිනයේ දී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සහරාන් හෂීම් සමග සබඳතා පැවැත්වූ උමීර් මොහොමඩ් නැමැත්තා සාක්ෂි ලබාදෙනු ලැබීය.

 

මේ වන විට රැඳවුම් නියෝග මත පසුවන ඔහුගේ සාක්ෂි විමසීම මාධ්‍යයට විවෘත නොවීය.

 

 

views

654 Views

Comments

arrow-up