ඝාතනයට ලක්වූ දිනේෂ් ෂාෆ්ටර් ගැන නොදත් කතාව
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
16

ඝාතනයට ලක්වූ දිනේෂ් ෂාෆ්ටර් ගැන නොදත් කතාව

ඝාතනයට ලක්වූ දිනේෂ් ෂාෆ්ටර් ගැන නොදත් කතාව

ඊයේ (15) දිනයේ දී ඇති වූ සිද්ධියක ප්‍රතිඵලයක් ලෙසින් ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා අභාවප්‍රාප්ත විය.

 

මේ ඒ මහතාගේ ව්‍යාපාරික දිවිය පිළිබඳ කෙටි සටහනකි.

 

අභාවප්‍රාප්ත වන විට දිනේෂ් ෂාෆ්ටර් මහතා First Capital Holdings PLC සහ එහි අනුබද්ධිත සමාගම්වල කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනු ලැබීය.

 

මූල්‍ය ක්ෂේත්‍රයේ වසර 25කට අධික අත්දැකීම් ඇත්තෙකු වූ ඔහු ව්‍යාපාර තක්සේරු කිරීම්, ප්‍රතිව්‍යූහගත කිරීම් ඇතුළු ව්‍යාපාර පරාසයන් රැසක විශේෂඥයෙකු ලෙස සැලකේ.

 

දිනේෂ් ෂාෆ්ටර් මහතා  එක්සත් රාජධානියේ කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනයේ (CIMA) සාමාජිකයෙකි. 

 

එමෙන්ම ඔහු ප්‍රංශයේ INSEAD වෙතින් නීතිවේදී උපාධිය (LL.B.) සහ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ MBA උපාධිය ලබා ගෙන ඇත.

 

ඔහු මීට පෙර Kelsey Developments PLC සහ Dunamis Capital PLC හි කළමනාකාර අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කරන ලදී.

 

ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙසද ඒ මහතා මෙරට පළමු පෙළ තරඟ ක්‍රීඩා කර ඇත්තෙකි. 

 

ඔහු Antonians Sports Club සහ Moors Sports Club යන ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් වමත් දඟ පන්දු යවන්නෙකු ලෙස පළමු පෙළ ක්‍රිකට් තරඟ 16කට සහභාවී වී ඇත.

 

අභාවප්‍රාප්ත වන විට දිනේෂ් ෂාෆ්ටර් මහතා දරනු ලැබූ සමාගම් තනතුරු පහත පරිදි වේ.

 

  • First Capital Treasuries PLC-Executive Director & Managing Director    
  • First Capital Holdings PLC-Executive Director & Managing Director    
  • Janashakthi Insurance PLC-Non-Independent Non-Executive Director    
  • Twid Capital (Pvt) Ltd.-Managing Director    
  • First Capital Trustee Services Pvt Ltd-Managing Director    
  • Thornton Engineering Pvt Ltd.-Director    
  • Pre-Fab Engineering Projects (Pvt) Ltd.-Managing Director & Director    
  • First Capital Asset Management Ltd.-Managing Director & Director    
  • Premier Synthetic Leather Manufacturers (Pvt) Ltd.-Director    
  • Kelsey Homes (Pvt) Ltd.-Managing Director & Director    
  • Next Ventures Ltd.-(Sri Lanka)    Director    
  • Kelsey Property Developers (Pvt) Ltd.-Managing Director & Director    
  • The Montessori Workshop (Pvt) Ltd.-Director    
  • PVIC Management Co. Ltd.-Director    
  • First Capital Markets Ltd.-Managing Director & Director    
  • First Capital Ltd. -(Sri Lanka)    Managing Director & Director    
  • KHL Corporate Services Ltd.-Director    
  • Janashakthi Ltd.-Executive Director    
  • The Chartered Institute of Management Accountants Associate Member
views

280 Views

Comments

arrow-up