DEC
09
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල අඩුකර තිබෙනවා.
ඒ අනුව කීරි සම්බා සහල් කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 10 කින් ද, ලොකු ලූනු රුපියල් දහසයකින් ද, ග්‍රෑම් 425 ක ටින් මාළු ටින් එකක මිල රුපියල් තිස් පහකින් ද මෙලෙස අඩු කොට ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව කීරි සම්බා කිලෝ ග්‍රෑම් එකක නව මිල රුපියල් 215ක් ද, ලොකු ළූණු කිලෝවක නව මිල රුපියල් 199ක් ද ටින් මාළු එකක නව මිල රුපියල් 495ක්ද ලෙස දැක්වෙනවා.
227 Views
Comments