DEC
09
මහින්ද ඇතුළු පිරිසකට නොතීසි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසකට ශ්‍රේෂ්ඨාධිකරණය අද(09) නොතීසි නිකුත් කර තිබුණා.
ඒ පසුගිය මැයි 9 වනදා ගෝටාගෝම අරගල භූමියට පහරදීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසයි.
ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාට අමතරව මෙලෙස නොතීසි නිකුත් කෙරුණේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අයටයි.
189 Views
Comments