JUL
03
ගිං ගඟ අවට ප්‍රදේශවලට සුළු ගංවතුර අවදානමක්

ගිං ගඟ අවට පහත් බිම් ප්‍රදේශ වලට සුළු ගංවතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා.
ගිං ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් වැලිවිටිය දිවිතුර, බද්දේගම, කොටපොල, හික්කඩුව, නියාගම, නෙළුව, තවලම, අක්මීමන, නාගොඩ, ඇල්පිටිය, පෝද්දල සහ ගාල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පහත් බිම් මෙලෙස ගංවතුර අවදානමකට ලක්වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව තවදුරටත් ප්‍රකාශ කර සිටියේ.
මේ හේතුවෙන් ගංගා ආශ්‍රිත පහත් බිම් වල වෙසෙන ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙසයි ඔවුන් දන්වා සිටින්නේ.
256 Views
Comments